Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තායිවානයේ ආරක්ෂාවට රොබෝ සුනඛයින්

තායිවානයේ ආරක්ෂාවට රොබෝ සුනඛයන්

තායිවානයේ ආරක්ෂාවට රොබෝ සුනඛයන්

මතභේදයට තුඩුදී ඇති දකුණු චීන මුහුදේ පිහිටි දූපත්වල ආරක්ෂක කටයුතු සඳහා යොදාගත හැකි අතිනවීන රොබෝ මුර සුනඛයන් තිදෙනෙකු ප්‍රදර්ශනය කිරීමට තායිවානයේ ප්‍රමුඛතම යුද අවි සංවර්ධන ආයතනයක් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දේ.

චීන තර්ජන හමුවේ සිය සන්නද්ධ බළකායන් නවීකරණය කිරීමට තායිවානය දිගින් දිගටම කටයුතු කරමින් සිටින බවද එම වාර්තා පෙන්වා දෙයි.

එහිදී තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන අවධානයක් යොමුවී ඇත්තේ ඩ්‍රෝන සහ ස්වයංක්‍රීය තාක්ෂණය කෙරෙහිය.

මෙම රොබෝවන් නිෂ්පාදනය කර ඇත්තේ අමෙරිකානු හමුදාවට රොබෝවන් සපයන ප්‍රධාන සමාගමකි.

මෙම රොබෝ සුනඛයන් සඳහා සතුරු තොරතුරු සෙවීම, සෝදිසි කිරීම් සහ නිරීක්ෂණ කටයුතු සඳහා මෙන්ම සතුරන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා විශේෂිත ගිනිඅවියක් සහිත ලෙස නිර්මාණය කර තිබේ.

Exit mobile version