Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු උත්තරීතර නායකයාගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය ගැන ඉරානයෙන් දැනුම් දීමක්

හිටපු උත්තරීතර නායකයාගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය ගැන ඉරානයෙන් දැනුම් දීමක්

හිටපු උත්තරීතර නායකයාගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය ගැන ඉරානයෙන් දැනුම් දීමක්

මැදපෙරදිග යුද්ධයේ මුල් දිනයේදී එල්ල වූ අමෙරිකා – ඊශ්‍රායල ප්‍රහාරවලින් ඝාතනයට ලක් වූ ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි වෙනුවෙන් දින තුනක රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ඉරාන රජය ප්‍රකාශ කරයි.

මෙම අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන නිශ්චිත දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මීට පෙර පසුගිය මාර්තු 04 වැනිදා මෙම රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද, කලාපය තුළ පවතින දැඩි යුද වාතාවරණය හේතුවෙන් එය කල් දැමීමට සිදු විය.

“දින තුනක මහජන අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා,” යැයි ටෙහෙරාන් නුවර නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් අමීන් තවකොලිසාදේහ් ප්‍රකාශ කළ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර ඇත.

අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන නිශ්චිත දිනයක් ඔහු මෙහිදී සඳහන් කර නොමැති වුවද, එය එළඹෙන මුහර්රම් මස මුල් භාගයේදී පැවැත්වීමට ඉඩ ඇති බව පවසා තිබේ.

නියෝජ්‍ය නගරාධිපති තවකොලිසාදේහ් වැඩිදුරටත් සඳහන් කරන්නේ අවමංගල්‍ය රාජ්‍ය උත්සව කටයුතු ටෙහෙරාන් අගනුවර මෙන්ම ඉරානයේ පූජනීය නගර සේ සැලකෙන ‘කොම්’ සහ කමේනිගේ දේහය මිහිදන් කිරීමට නියමිත ‘මෂාඩ්’ යන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති බවයි.

Exit mobile version