පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (03) මෙම නියෝගය සිදු කළේය.
එම නියෝගය ෆැක්ස් මගින් ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දන්වා යවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදි.
පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවට අදාළව සිදු කරන පරීක්ෂණ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර ඇත.
මෙම පුද්ගලයන් විදේශ ගත වුවහොත් සිදු කරන විමර්ශන වලට ආතතියක් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා තිබුණි.
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල තුන්වන සැකකරු වන හිටපු යුද හමුදා බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට මෙහිදී දන්වා සිටියේය.

