ඔස්ට්‍රේලියානු ගුවන් සේවාවන් ලබන අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාව වෙත ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
දෙරට අතර ගුවන් ගමන් ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් සිදුවන මෙම ප්‍රවේශය, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ මෙන්ම වෙළෙඳ ක්ෂේත්‍රයේ දියුණුවට ද විශාල පිටිවහලක් වනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එසේම මෙමඟින් දෙරටේ මගීන් වෙනුවෙන් ඉහළ සංචාරක පහසුවක් සැලසෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
වර්තමානය වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් නුවර වෙත ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබන අතර, එය දෙරට යා කරන ප්‍රධානතම සබැඳියාවක් ලෙස හඳුනාගෙන තිබේ.
අලුතින් එක්වන ඔස්ට්‍රේලියානු ගුවන් සේවාවන් හරහා මෙම සබඳතා තවදුරටත් පුළුල් වනු ඇති බවට විශ්වාස කෙරේ.

