Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නගර 25ක් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය

නගර 25ක් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය

නගර 25ක් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය

මිතුරු පුරවර වැඩසටහන යටතේ නගර 26ක් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

මිතුරු පුරවර වැඩසටහන යටතේ නගර 25ක් සංවර්ධනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2026 වසරේ අයවැය යෝජනා අනුව නගර සංවර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

ඒ යටතේ මිතුරු පුරවර නමින් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබූ අතර මහජනතාවගේ සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ පහසුව සහ යහපැවැත්ම සඳහා කුඩා නගර සංවර්ධනය කිරීම යන ප්‍රධාන අරමුණු සහිතව එම වැඩසටහන මගින් දිවයිනේ තෝරාගත් නගර 25ක් සඳහා එක් අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් බැගින් හඳුනාගෙන එම කාර්ය 2026 වර්ෂය තුළ අවසන් කිරීමටද අපේක්ෂිතයි.

ඒ අනුව මිතුරු පුරවරව වැඩසටහන යටතේ ආරම්භක අදියරේදී ක්‍රියාත්මක කිරීමට හඳුනාගෙන ඇති නගර 23ක් සඳහා වන යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන 581ක මුදල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වෙන් කර ගැනීම පිණිස අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Exit mobile version