Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි ඉහළ යාමක්

කොළඹ උද්ධමනයේ වැඩිවීමක්

කොළඹ උද්ධමනයේ වැඩිවීමක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 මැයි මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2026 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 5.4ට සාපේක්ෂව 2026 මැයි මාසයේ දී සියයට 5.5ක් දක්වා සුළු වශයෙන් වැඩි වී තිබේ.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර උද්ධමනය 2026 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 2.8හි සිට 2026 මැයි මාසයේ දී සියයට 0.9ක් දක්වා පහළ ගොස් ඇත.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර නොවන උද්ධමනය 2026 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 6.8හි සිට 2026 මැයි මාසයේ දී සියයට 7.8ක් දක්වා ඉහළ ගොස් මතුපිට උද්ධමනය ඉහළ යෑම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

Exit mobile version