Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව අවසන් කළ 275 දෙනෙකුට සහතිකපත්

පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව අවසන් කළ 275 කට සහතිකපත්

පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව අවසන් කළ 275 කට සහතිකපත්

පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කළ නිලධාරිනියන් 275 දෙනෙකු සඳහා සහතිකපත් බෙදාදීමක් ඊයේ (26) දිනයේ සිදු කර තිබේ.

මෙම උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී පවත්වා තිබෙනවා.

මෙම පුහුණුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ අංශය විසින් කළුතර ජාතික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයේ සම්භන්ධීකරණයෙන් දිවයින පුරා පළාත් මට්ටමින් පිහිටුවා ඇති පුහුණු මධ්‍යස්ථාන 11 කදී පවත්වා ඇති බවයි සඳහන් වන්නේ.

අයදුම්පත් කැඳවා ජ්‍යෙෂ්ඨතාවය මධ්‍යම රජයේ සේවය කරනු ලබන අයදුම්කරුවන් 10 දෙනෙකු හා ඊට සමගාමීව පළාත් සභා මට්ටමින් සම්මුඛ පරීක්ෂණ පවත්වා අයදුම්කරුවන් 265 දෙනෙකු තෝරා 275 දෙනෙකු මෙම පුහුණුවට යොමු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ධනය මූලික කොට ඇති සෞඛ්‍ය අධ්‍යපනය ලබා දීම, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ රාජකාරී කටයුතු අධික්ෂණය, ක්ෂේත්‍ර පුහුණුවේදී සිසු පවුල් සෞඛ්‍ය සේවිකාවන් අධික්ෂණය ආදී රාජකාරී මෙම තනතුරට පැවරී ඇති වගකීම් බවයි සඳහන් වන්නේ.

මෙම අවස්ථාවට එක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙවර පැවති ලෝක සෞඛ්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව විශේෂ ඇගයීමකට,වර්ණනාවක පාත්‍ර වූ බව සඳහන්කළ අතර එහි ගෞරවයේ ප්‍රධාන කොටසක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීයන් ඉටුකළ සේවය වෙනුවෙන් මෙරටට ලැබුණු බවයි සඳහන් කළේ.

විශේෂයෙන්ම තරුණ කාන්තාවන්ට, මව්වරුන්ට ගෙයින් ගෙට ගොස් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීය අවස්ථානුකූලව මවක්, මිතුරියක්, සොයුරියක් වෙමින් ඉතාම සමීපව කටයුතු කරන බවත්, එලෙස කටයුතු කරමින් ඉටුකරනු ලබන සේවාව මහත්සේ අගය කරන බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළා.

වර්තමානය වන විට බෝනොවන රෝග පිළිබද ගැටළුවේදී එය නිරාකරණයට විශාල ආදර්ශයක් මෙරට පවුල් සෞඛ්‍ය සේවාව තුළින් ලැබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා අළුතින් ස්ථාපිත කරන ආරෝග්‍යා සුවතා මධ්‍යස්තාවල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ටද සැලකියයුතු වැඩ කොටසක් ඉටුකිරීමට පැවරෙන බවද සඳහන් කර සිටියා.

එමෙන්ම ඉදිරියේ දී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්යන්ට සිය සේවා කටයුකු සඳහා යතුරු පැදි ලබා දීමට කටයුතු කරන බවත්, ලබන ජනවාරි මාසයේ නියමිත වැටුප් වැඩිවීම ලබා දීමට ක්‍රියාකරන බවද සඳහන්කර කර තිබේ.

Exit mobile version