Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීනයේ Shenzhou 23 යානයේ ගගනගාමීන් කක්ෂීය මොඩියුලය වෙත සාර්ථකව පිවිසෙයි

චීනයේ Shenzhou 23 යානයේ ගගනගාමීන් කක්ෂීය මොඩියුලය වෙත සාර්ථකව පිවිසෙයි

චීනයේ Shenzhou 23 යානයේ ගගනගාමීන් කක්ෂීය මොඩියුලය වෙත සාර්ථකව පිවිසෙයි

චීනයේ Shenzhou 23 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වීමෙන් පසු, Shenzhou 23 අභ්‍යවකාශ යානයේ කාර්යමණ්ඩල ගගනගාමීන් තිදෙනා එහි කැප්සියුලයේ සිට කක්ෂීය මොඩියුලය වෙත සාර්ථකව ඇතුළුවී තිබේ.

මේ බව චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.

එහිදී Shenzhou 21 ගගනගාමී කණ්ඩායම,සඳුදා දින (25) පෙරවරු 5:13ට පමණ එහි මොඩියුලයේ දොරටුව විවෘත කරමින් Shenzhou 23 ගගනගාමී කණ්ඩායම චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිළිගැනීම සිදු කළා.

මෙය චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ වැඩසටහන් ඉතිහාසයේ අභ්‍යවකාශය වෙත මිනිසුන් රැගෙන යා‍මේ අටවන මෙහෙයුම සනිටුහන් වේ.

එමෙන්ම, මෙය චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ සිට චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමියෙකු ස්ථානගත කළ පළමු අවස්ථාවයි.

මෙහිදී චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ සිට ගගනගාමී කණ්ඩායම් දෙක සමූහ ඡායාරූපයකටද පෙනී සිට තිබෙනවා.

පසුව, ඔවුන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන කක්ෂයේ අදාළ මෙහෙයුම් සඳහා එක් වන බව වාර්තා වේ.

Exit mobile version