Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ ජාතික රෝහලට රුධිර කාන්දුකරන යන්ත්‍ර 2ක්

කොළඹ ජාතික රෝහලට රුධිර කාන්දුකරන යන්ත්‍ර 2ක්

කොළඹ ජාතික රෝහලට රුධිර කාන්දුකරන යන්ත්‍ර 2ක්

කොළඹ ජාතික රෝහලට රුධිර කාන්දුකරන යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කර තිබෙනවා.

ශක්ති සමූහ ව්‍යාපාරයේ බැති පූජා පෞද්ගලික සමාගමයි මෙම පරිත්‍යාගය සිදුකර ඇත්තේ.

ජාතික රෝහලට ඇතුළත් වන වකුගඩු ආබාධිත රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය රුධිර කාන්දුකරන යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කිරීමට ශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති නිලාන් වීරසිංහ මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

අදාළ කොළඹ ජාතික රෝහලේ රුධිර කාන්දුකරන ඒකකයට ලබාදීම පසුගියදා කටයුතු කෙරුණා.

බැතිපූජා ආයතනයේ 25වන සංවත්සරය නිමිත්තෙනුයි මෙම පරිත්‍යාගය සිදුකර ඇත්තේ.

Exit mobile version