ඩිජිටල් මෝටර් රක්ෂණ කාඩ්පත මැයි මස පළමුවැනි දින සිට ක්‍රියාත්මක කෙරෙන බවත් සියලු රක්ෂණ ආයතන එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවත් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
ඩිජිටල් මෝටර්රථ රක්ෂණ කාඩ්පතට සමගාමීව ජාතික රක්ෂණ සත්‍යාපන පද්ධතිය හඳුන්වා දී ඇති බවත් මෝටර් රථ රක්ෂණයේ වලංගුභාවය පරීක්ෂා කිරීමට ඒ අනුව හැකිවන බවත් හෙතෙම කීය.
ඒ අනුව ඔ්නෑම ජංගම දුරතකන සම්බන්ධතාවයකින් *1338# අංකයට ඇමතීමෙන් හෝ වාහන අංකය හෝ රක්ෂණ සහතිකයේ අංකය ඇතුළත් කිරීමෙන් අදාළ රක්ෂණ ඔප්පුවෙහි වත්මන් තත්වය ක්ෂණිකව ලබා ගත හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.
තවද ඔ්නෑම ජංගම දුරතකනයකින් වාහන අංකය හෝ රක්ෂණ පත්‍ර අංකය කෙටි පණිවිඩයක් මගින් 1338 වෙත යොමු කිරීමෙන්ද මෙම වලංගුතාවය පරීක්ෂා කළ හැකි බව ඒ මහතා සඳහන් කරයි.
ඒ අනුව වාහන රක්ෂණය කිරීමේදී ලබා දෙන ප්ලාස්ටික් කාඩ් පත් ඉදිරියේදී නිකුත් නිකුත් නොකරන බවද ඒ මහතා කීය.
මෙම ඩිජීටල් කාඩ්පත QR කේතයක් ලෙස හෝ ලිංකුවක් ලෙස ලැබෙන බවත් අවශ්‍ය නම් මුද්‍රණය කර ළඟ තබා ගත හැකි අතර පරීක්ෂා කිරීමකදී පොලීසියේ නිලධාරීන්ට ඉදිරිපත් කළ හැකි බවත් ඒ් මහතා සඳහන් කළේය.

