Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලක්ෂ 80ක් වටින රන් මාල 18ක් සොරකම්කළ තරුණයෙකු අත්අඩංගුවට

ලක්ෂ 80ක් වටින රන් මාල 18ක් සොරකම්කළ තරුණයෙකු අත්අඩංගුවට

ලක්ෂ 80ක් වටින රන් මාල 18ක් සොරකම්කළ තරුණයෙකු අත්අඩංගුවට

සොරාගත් යතුරුපැදිවලින් ගොස් රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා රන් මාල 18ක් කොල්ලකෑ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාශය පවසයි.

එම සැකකරු කොල්ලකෑමට යොදාගත් සොරාගත් යතුරුපැදි 02ක් හා කොල්ලකන ලද රන්මාල 18ක් හා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව‍ය ගෑම් 17යි මිලිගෑම් 800ක් පොලීසිය මගින් සොයාගෙන ඇත.

ඉකුත් මාස තුනක පමණ කාලය තුළදී මහරගම, හෝමාගම, මීගොඩ, මිරිහාන, කොට්ටාව සහ මාලඹේ පොලිස් වසම්වලදී ස්කුටර් වර්ගයේ යතුරුපැදිවලින් ගමන්ගත් කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල යතුරුපැදියකින් පැමිණෙන පුද්ගලයකු කොල්ලකන බවට එම පොලිස් ස්ථානවලට දිගින් දිගටම පැමිණි ලැබී තිබූ බව පොලීසිය පවසා තිබේ.

එම කොල්ලකරු සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයෙකුට ලද තොරතුරකට අනුව එම කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමඟ හෝමාගම රෝහල ප්‍රදේශයේ අපරාධ වැළැක්වීමේ රාජකාරී යෙදී සිටියදී සැකකරු පැමිණෙන අවස්ථාවේදී ජීප් රථය මඟ හරස්කර නවතා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු අත්අඩංගුවටගෙන සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී එම යතුරුපැදිය ඉකුත් මාර්තු මස 10දින මහරගම පිළිකා රෝහල අසලදී සොරාගත් යතුරුපැදිය බවත් එම යතුරුපැදියෙන් ගොස් මෙම රන්මාල කොල්ලකෑම් සියල්ල සිදුකර ඇති බවත් අනාවරණය වී තිබේ.

ඊට අමතරව සැකකරු ගෑන්ඩ්පාස් ප්‍රදේශයේදීද තවත් යතුරුපැදියක් සොරාගෙන ඇති අතර එම යතුරුපැදියද පොලීසිය සොයාගෙන ඇති බව සඳහන් වෙයි.

මේ අතර, සැකකරු කොල්ලකන ලද සියලුම රන් ආභරණ මහරගම‍ ප්‍රදේශයේ රන්බාන්ඩ උකස් කරන එකම ස්ථානයකට විකුණා ඇත.

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරු තදින් අයිස් මත්ද්‍රවලට ඇබ්බැහි වූවකු බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වනු ලබයි.

Exit mobile version