දිට්වා වන්දිවලින් ලක්ෂ10 අල්ලස් ගත් ග්‍රාම නිලධාරීවරයෙකු හා කම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් ලක්ෂ දහයක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීවරයෙකු සහ පැලවත්ත සීනි කර්මාන්තශාලාවේ කම්කරුවෙකු අත්අඩංගුවට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ හානි වූ නිවසක් වෙනුවෙන් රජයෙන් අනුමත වූ රුපියල් ලක්ෂ 50ක ආධාර මුදලින් රුපියල් ලක්ෂ දහයක මුදලක් මෙම පුද්ගලයින් දෙදෙනා අල්ලස් ලෙස ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ පැමිණිලිකාරියගේ නිවාස හානිය වෙනුවෙන් රජය මඟින් ලබාදීමට අනුමත කළ ලක්ෂ 50ක මුදලෙන් 2026 අප්‍රේල් 10 වන දින පළමු වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දී ඇති අතර සැකකරුවන් විසින් ඉන් ලක්ෂ 10ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගෙන ඇති අතර ඉදිරියේදී ලබාදීමට නියමිත දෙවන සහ තෙවන වාරික මුදල් නිදහස් කිරීමේදී ද ලක්ෂ 5 බැගින් අල්ලස් ලෙස ඉල්ලා ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

