Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීනයේ ගල් අඟුරු පතලේ සිදුවූ ගෑස් පිපිරීමෙන් මියගිය ගණන 90 දක්වා ඉහළට!

චීනයේ ගල් අඟුරු පතලේ සිදුවූ ගෑස් පිපිරීම; මියගිය ගණන 90 දක්වා ඉහළට!

චීනයේ ගල් අඟුරු පතලේ සිදුවූ ගෑස් පිපිරීම; මියගිය ගණන 90 දක්වා ඉහළට!

උතුරු චීනයේ ෂැන්සි පළාතේ ගල්අඟුරු පතලේ සිදුවූ ගෑස් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම තවත් 9දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවද වාර්තා වේ.

මෙම පිපිරීම ඉකුත් සිකුරාදා (22) එරට වේලාවෙන් රාත්‍රී 19:29ට පමණ ෂැන්සි හි ගල් අඟුරු පතලක සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී සේවකයින් 247 දෙනෙකු සේවයේ නියුතුව සිටි බව වාර්තා වෙනවා.

පුද්ගලයින් 100කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති බව පැවසෙන අතර, එම ස්ථානයේ මුදවා ගැනීමේ කටයුතු තවමත් ක්‍රියාත්මකයි.

අදාළ සමාගමේ විධායක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.

චීනයේ ෂැන්සි පළාත, එරට ගල්අඟුරු පතල් කර්මාන්තයේ අගනුවර ලෙස සැලකේ.

චීනය වාර්තාගත වේගයකින් පුනර්ජනනීය බලශක්ති ධාරිතාවන් ස්ථාපනය කරමින් සිටියද, ඔවුන් තවමත් ලොව වැඩිම ගල්අඟුරු පරිභෝජනය කරන රට සහ විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නා වේ.

Exit mobile version