Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024 සහ 2025 වර්ෂවල පාසල් හැර ගිය සිසුන් ගැන අනාවරණයක්

2024 සහ 2025 වර්ෂවල පාසල් හැර ගිය සිසුන් ගැන අනාවරණයක්

2024 සහ 2025 වර්ෂවල පාසල් හැර ගිය සිසුන් ගැන අනාවරණයක්

2024 සහ 2025 යන වර්ෂවල සිසුන් දහසකට අධික පිරිසක් අතරමග පාසල් හැරගොස් ඇති බව නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසනවා.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ (19) පාර්ලිමේන්තුවේදී දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා මෙම අදහස් පල කර සිටි‍යා.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය නලීන් හේවගේ මහතා,

“හඳුනාගෙන ඇති පාසල් නොයන ළමුන් සංඛ්‍යාව 2024දී 711ක්, 2025දී 885ක්. පාසලට ඇතුළත් කරන ලද ළමයින් සංඛ්‍යාව ගැහැණු දරුවන් 280ක්, පිරිමි දරුවන් 290ක්. 2025 හි ගැහැණු දරුවන් 384ක්, පිරිමි දරුවන් 393ක්. අධ්‍යාපන අවස්ථාවලට යොමු කර නොවූ සංඛ්‍යාව ගැහැණු දරුවන් 10ක්, 2024 හි පිරිමි දරුවන් 18ක්. 2025හි ගැහැණු දරුවන් 11ක් සහ පිරිමි දරුවන් 23ක්.

පාසල් හැරගිය සිසුන් සංඛ්‍යාව 2024 දී 597ක්, 2025දී 301ක්. නැවත පාසල් ගත කරන ලද ළමයින් සංඛ්‍යාව 2024දී 309ක්, 2025හි 210ක්. පාසල් ඇතුළත් නොකරන ලද ළමයින් සංඛ්‍යාව 2024දී 47ක්, 2025හි 91ක්.”

Exit mobile version