Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙරට ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙරට ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙරට ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

2026 වසර සඳහා 5% ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කළද, මාර්තු මාසයෙන් අනතුරුව ගෝලීය ආර්ථික තත්ත්වයේ ඇති වූ වෙනස්කම් හේතුවෙන් එම ඉලක්කය සම්බන්ධයෙන් නිවැරදි පුරෝකථනයක් කිරීමට අපහසු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මෙම ආර්ථික අර්බුදකාරී තත්ත්වය මතුවීමට පෙර 2026 වසරේ ආර්ථික වර්ධනය සියයට 5ක මට්ටමක පවතිනු ඇති බවට පුරෝකථනය කර තිබූ බවය.

එහෙත් අප්‍රේල් මාසයෙන් පසු ගෝලීය ආර්ථිකයේ ඇති වූ අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපයේ තත්ත්වය කෙසේ වෙනස් වේදැයි නිශ්චිතව ප්‍රකාශ කිරීම අපහසු වී ඇති බවද ඔහු පැවසීය.

මෙම බලපෑම මාස තුනකින් පමණ අවසන් වී, ඉන් අනතුරුව තත්ත්වය යථා තත්ත්වයට පත් වුවහොත්, ආර්ථික වර්ධනය සියයට 5ට වඩා තරමක් පහළ යා හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, එම අර්බුදය මාස 6ක් හෝ මාස 9ක් දක්වා දිගු වුවහොත්, එය ආර්ථික වර්ධනයට වඩාත් දැඩි බලපෑමක් ඇති කළ හැකි අතර, මේ අවස්ථාවේ නිශ්චිත ප්‍රතිශතයක් පුරෝකථනය කිරීම අපහසු බවද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

තෙල් මිල ඉහළ යාම සහ උද්ධමනය වැඩිවීම වැනි සාධක හේතුවෙන් වසරේ දෙවැනි කාර්තුව තුළ ආර්ථිකයට දැනටමත් යම් බලපෑමක් එල්ල වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“මේ වසරෙත් 5%කින් පමණ ආර්ථික වර්ධන වෙයි කියලා තමයි මුලින් බලාපොරොත්තුව තිබුණේ. නමුත් ඊට පස්සේ මාර්තු මාසයෙන් පස්සේ අප්‍රේල් වගේ මාසවල තිබුණ ලෝක ආර්ථික තත්ත්වයේ වෙනස නිසා ඉන් ඉදිරි මාස තුනෙන් පස්සේ කොහෙමද වෙන්නේ කියන එක පුරෝකථය කරන්න අමාරුයි. ඒ නිසා මේ අවස්ථාවේදී දැනට තිබෙන පුරෝකථනය තිබුණේ 5%ක ප්‍රමාණයකට ඒ මේ ආර්ථික අර්බුදය එන්න කලින්. ආවට පස්සේ කොහොමද මේක ඉදිරි කාලය තුළ වෙනස් වෙන්නේ, ස්ථාවර වෙන්න කියන එක ගැන තවමත් අවිනිශ්චිතතාවක් තියෙන්නේ. ඒ නිසා පුරෝකථනයක් කරන්න අමාරුයි. එකම දේ කරන්න පුළුවන් මේක මාස තුනකින් ඉවරවෙලා ඊළඟ මාස තුන සාමන්‍ය තත්ත්වයට පත්වුණොත් එතකොට මාස තුනේ බලපෑම විතර එන්නේ. එතකොට 5% කියන එක ටිකක් අඩුවෙන්න පුළුවන්. මාස තුනේ එක තව මාස 6කට, මාස 09කට දිගු වුණොත් ඒ බලපෑම ආර්ථික වර්ධනයට ඊට වඩා බලපාන්න පුළුවන් ඒක දැන්ම පුරෝථනය කරන් අපහසුයි මොකද එතනින් පස්සේ තවදුරටත් මොකද්ද වෙන්නේ කියන එක මම හිතන්නේ අපි කාටවත් පුරෝකථනය කරන්න අමාරු දෙයක්. ඒ නිසා මේ අවස්ථාවේ හරියටම ඉලක්කමකින් පුරෝකථනය කරන්න අමාරුයි නමුත් එකක් දකින් පුළුවන් ගිය වසරේ බලාපොරාත්තු වුණ මේක නොතිබුණානම් 5%ක ආසන්න ආර්ථික වර්ධනයක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. ඊට වඩා යම් කිසි අඩුවීමක් වෙයි මොකද දැනටමත් යම් ආකාරයක බලපෑමක් වෙලා තියෙනවා දෙවැනි මාස තුන ඇතුළත තෙල් මිල වැඩිවීම, උද්දමනය වැඩිවීම වගේ දේවල් නිසා.”

Exit mobile version