Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග පරිදි සකස් කර ඇති අදාළ පනත් කෙටුම්පත මැයි මස 15වන දින රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

2009 අංක 35 දරණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහාද ඒ හා සම්බන්ධ හෝ ඊට අනුශාංගික කාරණා සඳහා විධිවිදාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත සකස් කර තිබේ.

2026 ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමේ පනත යනුවෙන් හඳුන්වා දී ඇති මෙම පනත් කෙටුම්පත මගින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අවසන් වනු ඇති.

මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේ සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය දැරීම අවසන් කරනු ලැබිය යුතු අතර එම ධූරය දරන පුද්ගලයා අදාළ සන්නද්ධ හමුදාවල ඔවුන් අයත් සේවයට අනයුක්ත කිරීම එහිදි සිදු වේ.

මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල සහ නිශ්චල දේපළ ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යංශය වෙත පැවරීම සිදුකළ යුතු බව පනත් කෙටුම්පතේ සදහන් වේ.

Exit mobile version