ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රටවල් 05ක සංචාරයක් ඉකුත් සිකුරාදා (15) ආරම්භ කළා.
මැයි 15 සිට 20 දක්වා සිදු කෙරෙන මෙම සංචාරයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ සහ ඉතාලිය යන රටවල් ආවරණය කරන බවයි වාර්තා වන්නේ.
බටහිර ආසියාවේ උද්ගතව ඇති දැඩි නොසන්සුන්කාරී වාතාවරණය, අස්ථාවර ගෝලීය සැපයුම් දාමයන් සහ තාක්ෂණික ආධිපත්‍යය සඳහා පවතින දැඩි තරඟකාරිත්වය හමුවේ ඉන්දීය අගමැති මෙම සංචාරය ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ බලශක්ති අනාගතය සුරක්ෂිත කරගැනීම, උපායමාර්ගික හවුල්කාරිත්වයන් පුළුල් කිරීම සහ යුරෝපය පුරා පවතින උසස් තාක්ෂණයන් සඳහා ඇති ප්‍රවේශය පුළුල් කරගැනීම මෙම සංචාරයේ අරමුණයි.
සංචාරයේ පළමු නැවතුම වන අබුඩාබි හිදී බලශක්ති ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය උපායමාර්ගික තෙල් සංචිත සහ ද්‍රව පෙට්‍රෝලියම් වායු සහයෝගීතාවයට අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීමට ද නියමිතයි.

