Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යෝෂිතගේ විරෝධතාව ප්‍රතික්ෂේප කෙරේ

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත් කිරීමට දින දෙයි

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත් කිරීමට දින දෙයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය ඊයේ (14) ප්‍රතික්ෂේප කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ කුමන්ත්‍රණය නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පදනම් විරහිත බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කරයි.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග විසින් මෙම තීන්දුව ලබාදුන්නේය.

ඒ අනුව එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බවත් විත්තිකරුට එරෙහිව අදාළ චෝදනාව පවත්වාගෙන යාමට බාධාවක් නැති බවද විනිසුරුවරයා සඳහන් කරයි.

අනතුරුව විත්තිකාර යෝෂිත රාජපක්ෂට විවෘත අධිකරණයේදී චෝදනා පත්‍ර කියවාදීම සිදුකෙරුණි.

Exit mobile version