15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ලබන 22වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබ තිබෙනවා.
ඒ මහේස්ත්‍රාත්වරයා විසින් කොළඹ නවලෝක රෝහලේදී එම හිමිනම පරීක්ෂාවට ලක් කිිරීමෙන් අනතුරුවයි.
කෙසේ නමුත්, මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ, සැකකාර පල්ලේගම හේමරතන හිමි නවලෝක පෞද්ගලික රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලෙසයි.

