Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙනියායේ උණ රෝගය ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

දෙනියායේ උණ රෝගය ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

දෙනියායේ උණ රෝගය ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

දෙනියායේ පාසල් දරුවන් අතර පැතිර යන උණ රෝගය ගැන සොයා බැලීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් යොදවා තිබේ.

කෙසේ වෙතත් මෙය වසංගත තත්ත්වයක් දක්වා උත්සන්න වී නොමැති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.

මාතර දෙනියාය ප්‍රදේශයේ පාසල් දරුවන් අතර උණ රෝගයක් සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් 4කට බ්‍රහස්පතින්දා (07) මෙන්ම සිකුරාදා (08) දිනයේද නිවාඩු ලබා දීමට කටයුතු කෙරුණි.

මෙම උණ රෝගය පිළිබඳ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයට පැමිණීමට නියමිත බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සුමිත් මනතුංග මහතා පැවසීය.

අදාළ වෛද්‍යවරුන් ලබාදෙන උපදෙස් මත ඉදිරියේදී පාසල් විවෘත කිරිම සම්බන්ධයෙන් වන තීරණය ගන්නා බවයි දකුණු පළාත් අධ්‍යාපන ලේකම් එන් කේ ආර් පතිරණ මහතා සදහන් කළේය.

Exit mobile version