Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 3ක් තුළ කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ පැමිණිලි 12,000ක්

වසර 3ක් තුළ කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ පැමිණිලි 12,000ක්

වසර 3ක් තුළ කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ පැමිණිලි 12,000ක්

ගතවූ වසර තුන තුළ කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 12,000ක් පමණ ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,ඊයේ (07) පාර්ලිමේන්තුවේදී යොමු වූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

2023, 2024 සහ 2025 වසරවල ලැබී ඇති එම පැමිණිලිවලින් 2,300ක් පමණ විසඳා ඇති බව ආනන්ද විජේපාල මහතා කියා සිටියේය.

2023 වසරේදී කාන්තාවන්ට එරෙහිව සයිබර් අපරාධ 4103ක් ලැබී ඇති අතර ඉන් 753ක් විසඳා ඇත.
තවත් පැමිණිලි 3348ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සහ නඩු පැවරීම් සිදු කෙරේ.

2024 වසරේදී ලැබුණු පැමිණිලි 3159 අතුරින් 982ක් විසඳා ඇති බව ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය‍.
එහිදී තවත් පැමිණිලි 2177ක් පිළිබඳව විමර්ශන සහ නඩු පැවරීම් සිදු කරමින් පවතින බවද හෙතෙම පැවසීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, 2025 වසරේදී කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 4742ක් ලැබී ඇති බවය.

ඉන් 572ක් විසඳා ඇති බවත් තවත් පැමිණිලි 4170ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සහ නඩු පැවරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් ප්‍රතාශ කළේය.

Exit mobile version