Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගැනීමට නියෝග

කපිලගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට

කපිලගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට

ඇප මත මුදාහැර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) නියෝගයක් නිකුත් කළේය.

අල්ලස් කොමිසම සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත්කර ඇත.

කපිල චන්ද්‍රසේන මහතාගේ ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසම අදාළ ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.

අල්ලස් කොමිසම මෝසමක් මාර්ගයෙන් එම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇත.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන මහතාට පෙරේදා ඇප නියම කෙරුණි.

කෙසේ නමුත් ඔහු ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බවත්, ඒ හේතුවෙන් කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසත් ඉල්ලා අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වා තිබේ.

Exit mobile version