Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් අත්අඩංගුවට

ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් අත්අඩංගුවට

ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් අත්අඩංගුවට

වැලිසර අතරමැදි කඳවුරෙන් පලාවිත් අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධී මූල්‍ය ජාවාරම්වල යෙදුණු විදෙස් ජාතිකයන් 30 දෙනෙකු පොලීසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් බොරලැස්ගමුව 10 කණුව ප්‍රදේශයේ කුලියට ගත් ගොඩනැගිල්ලක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.

සැකකාර විදේශීය ජාතිකයන් අතර චීන ජාතික තරුණියන් දෙදෙනෙක් ඇතුළු 21ක්, වියට්නාම් තරුණියක් ඇතුළු 9ක් සිටින බව පොලිසිය පැවසීය.

එම සැකකරුවන් සමග පරිගණක 10, ඇපල් වර්ගයේ ජංගම දුරකථන 29ක්, අන්තර්ජාල පහසුකම් ලබාගන්නා උපාංග ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙවැනිම ආකාරයේ වරදකට ඉකුත් අප්‍රේල් 2වැනිදා විදෙස් ජාතිකයන් 152ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් අතර මෙම සැකකරුවන් සහ සැකකාරියන් ඇතුළු 30දෙනාද සිට තිබේ.

කෙසේ නමුත් ඔවුන් අධිකරණ නියෝග මත වැලිසර අතරමැදි කඳවුරේ රඳවා සිටියදී පලාගොස් සිටියදී මෙලෙස යළි අත්අඩංගුවට පත්ව ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

ඔවුන් බොරලැස්ගමුව ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලය රුපියල් ලක්ෂ 15ක මාසික කුලී පදනම මත ලබාගෙන මෙම ජාවාරමේ නිරතව සිටි බව මූලික විමර්ශනවලදී අනාවරණය ඇත.

භාෂා පරිවර්තයකු යොදා සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී මීට දින කිහිපයකට ඉහතදී මෙම ස්ථානයට පැමිණි බවට තොරතුරු හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් කිසිදු විදෙස් ජාතිකයෙකුට වීසා හෝ ගුවන්ගමන් බලපත්‍ර නොතිබූ බව පොලිසිය පැවසීය.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
..

Exit mobile version