ඉන්දියාවේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම අරමුණු කරමින් මුහුදු ගමන් මාර්ගික වෙළෙඳම සම්බන්ධ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකාය නැඟෙනහිර මුහුදු තීරයේ සමුද්‍රීය ආරක්ෂක දිස්ත්‍රික් මූලස්ථානයක් පිහිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම කලාපයේ පුදුචෙරි පළාතේ ඉදි කර ඇති වෙරළාරක්ෂක දිස්ත්‍රික් මූලස්ථානය පසුගියදා ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩී.ජී.පරමේෂ් සිවාමානි විසින් විවෘත කරනු ලැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. නවීන බළකායක්, නවීන යටිතල පහසුකම් දැක්ම යටතේ සමුද්‍රීය මෙහෙයුම් සහ ආරක්ෂාව ඉහළ නැංවීම එහි අපේක්ෂාව බව වාර්තා වේ.
වෙරළාරක්ෂක නව මූලස්ථානයක් ආරම්භ කිරීමෙන් සාගර කලාපයේ වර්ධනය වෙමින් පවතින සමුද්‍රීය අභියෝගවලට කඩිනම් සහ ඵලදායි ප්‍රතිචාර දැක්වීමට හැකි වනු ඇතැයිද, සමුද්‍රීය නිරීක්ෂණ සහ මුදා ගැනීමේ මෙහෙයුම් වඩාත් කැපී පෙනෙන ලෙස පුළුල් කිරීමේ හැකියාව ලැබෙනු ඇතැයි ද, ඉන්දීය වෙරළාරක්ෂක බළකාය ප්‍රකාශ කර තිබේ. මුහුදට බිලිවන ජීවිත සහ දේපළවල ආරක්ෂාව සහතික කිරීම, සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරිම සහ කලාපයේ වෙරළ තීරය ඔස්සේ ඉන්දියාවේ සමුද්‍රීය අවශ්‍යතා ආරක්ෂා කිරිම සඳහා නැඟෙනහිර මුහුදු තීරයේ සමුද්‍රීය ආරක්ෂක දිස්ත්‍රික් මූලස්ථානයෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

