කල් ඉකුත් වූ පානීය ජල බෝතල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට අලෙවිකළ දඹුල්ල ප්‍රදේශයේ අවන්හලකට, දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 510,000ක දඩ මුදලක් අද(29) නියම කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලය විසින් සිදු කරන ලද වැටලීමකට අනුව අදාළ අවන්හල, රුපියල් 70ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ජල බෝතලයක් රුපියල් 100කට අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත.
එමෙන්ම එම ජල බෝතල් කල් ඉකුත්වී තිබී ඇති බවද එහිදී අනාවරණය වී තිබේ.

