Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමෙන් 964ක් අත්අඩංගුවට

'රටම එකට' මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් ගණන 214,333ක් දක්වා ඉහළට

'රටම එකට' මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් ගණන 214,333ක් දක්වා ඉහළට

මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ වැඩපිළිවෙල යටතේ සිදු කෙරෙන වැටලීම්වලදී ඊයේ (24) දිනයේ දී සැකකරුවන් 964 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීම් 965ක් සිදු කර ඇති අතර 07 දෙනෙකු සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කෙරුණි.

පුනරුත්තාපනයට යොමු කළ ගණන 04කි.

එම වැටලීම් යටතේ හෙරොයින් කිලෝගෑම් 12 ග්‍රෑම් 858ක්, අයිස් ග්‍රෑම් 887ක් ඇතුළු කුෂ් හෂීෂ් මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් සොයා ගෙන ඇත.

මේ අතර අපරාධ මැඩලීම යටතේ ඊයේ (24) දිනයේදී පුද්ගලයින් 29818 දෙනෙකු පරික්ෂා කෙරුණි.

සැකපිට පුද්ගලයින් 609 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් සංඛ්‍යාව 20කි.

වරෙන්තුකරුවන් 235 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 206 දෙනෙකු ද අත්අඩංගුවට ගැනුණි.

රථවාහන වැරදි සම්බන්ධයෙන් 4561 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර බීමත් රියදුරන් 126 දෙනෙකු සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 106 දෙනෙක් ඒ අතර ‍සිටියි.

Exit mobile version