Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙටා සමාගම රැකියා 8000ක් කප්පාදු කරයි

මෙටා සමාගම රැකියා 8000ක් කප්පාදු කරයි

මෙටා සමාගම රැකියා 8000ක් කප්පාදු කරයි

මෙටා සමාගම රැකියා අටදහසක කප්පාදුවක් සිදුකරන බව නිවේදනය කර තිබේ.

කෘත්‍රිම බුද්ධීන් අයත් වැඩසටහන්වලට අධික පිරිවැයක් දැරීම හේතුවෙන් රැකියා කප්පාදුවක් සිදුකරන බවයි මෙටා සමාගම පවසන්නේ.

කෘත්‍රිම බුද්ධිය අයත් වැඩසටහන් සදහා මෙම වසර තුලදී පමණක් ඇමෙරිකා ඩොලර් බිලියන 135ක මුදලක් වෙන් කර තිබෙනවා.

ඒ යටතේ අටදහසකගේ රැකියා කප්පාදුවක් යෝජනා කර ඇති අතර එය මෙටා සමාගම සතු සමස්ථ සේවක සංඛ්‍යාවෙන් සියයට 10ක් වනවා.

එමෙන්ම තවත් තනතුරු දහස් ගණනක් ඉදිරියටත් පිරිවීමකින් තොරව පුරප්පාඩු ලෙස තබා ගන්නා බවද එම සමාගම නිවේදනය කරයි.

රැකියා කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවද මාර්ක් සකර්බර්ග් පසුගිය ජනවාරි මාසයේදී සදහන් කර තිබේ.

Exit mobile version