Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිරු නාලිකාවට විරුද්ධව තෙල් සංස්ථාවේ සභාපතිගෙන් පැමිණිල්ලක්

හිරු නාලිකාවට විරුද්ධව තෙල් සංස්ථාවේ සභාපතිගෙන් පැමිණිල්ලක්

හිරු නාලිකාවට විරුද්ධව තෙල් සංස්ථාවේ සභාපතිගෙන් පැමිණිල්ලක්

හිරු රූපවාහිනී නාලිකාවට එරෙහිව මේ වන විට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත්, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පමණක් නොව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසයි.

යම් මාධ්‍ය ආයතනයක් විසින් පුවත් පළ කිරීමේදී පුරවැසියෙකුට අසාධාරණයක්, චරිත ඝාතනයක් හෝ ප්‍රතිරූපයට හානියක් සිදු කරන්නේ නම්, ඒ වෙනුවෙන් නීතිමය පියවර ගැනීමේ අයිතිය අදාළ පාර්ශ්වයන්ට පවතින බව ඔහු මෙහිදී අවධාරණය කළා.

රූපවාහිනී බලපත්‍ර නිකුත් කිරීමේදී එකඟ වූ කොන්දේසි පද්ධතියක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජාතික ආරක්ෂාව සහ ජාතික ආර්ථිකයට බලපාන කරුණු, ජනතා සෞඛ්‍යය හා සම්බන්ධ වාර්තාකරණය සහ ජාතික සමගිය සහ සංහිඳියාව පළුදු වන අයුරින් කටයුතු කිරීම යන කාරණා සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද ප්‍රකාශ කළා.

මාධ්‍ය ආයතනයක් විසින් අදාළ කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට පැමිණිලි ලැබුණු විට, ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බවත්, එහිදී අදාළ පාර්ශ්ව කැඳවා සාකච්ඡා කිරීම සිදුවන අතර, මාධ්‍ය ආයතන විසින් සිදුකරන වැරදි නිවැරදි කිරීමට ප්‍රමාණවත් පියවර නොගන්නේ නම් ගත යුතු මීළඟ ක්‍රියාමාර්ග පිළිබඳව රජය සාකච්ඡා කර තීරණය කරන බවද ඔහු කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ,

“පුරවැසියාට පුළුවන් තමන්ට අසාධාරණයක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අරගන්නට. කෙනෙක් හිතනවා නම් තමන්ට යම් ප්‍රවෘත්තියක් පළ කිරීම නිසා මුද්‍රිත හෝ විද්‍යුත් හෝ සමාජ මාධ්‍යවලින් යම් අසාධාරණයක් වුණා කියලා හෝ තමන්ගේ චරිතෙට කැළලක් වුණා කියලා හෝ තමන්ගේ ප්‍රතිරූපයට හානි වුණා කියලා ඒ අනුව ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මේ රූපවාහිනි බලපත් නිකුත් කිරීමේදී ලබාදෙන කොන්දේසි කඩ කිරීම සම්බන්ධයෙන් පැමිණ ලැබුණොත් අපි ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය පරීක්ෂණ ආරම්භ කරනවා. ඒ අනුව සමහර පැමිණිලිවලට විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය සහ ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් හෝ ඊට අමතරව ජාතික සමඟිය සංහිදියාව යනාදී කරුණු සම්බන්ධයෙන් ඔවුන් එකඟ වූ කරුණු කඩ කළොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පැමිණිල ජනමාධ්‍ය ලේකම්වරයාට ලැබුණම ඒ අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරනවා. සමහර වෙලාවට ඔවුන් ඒවා නිවැරදි කරනවා. නිවැරදි කිරීමට ප්‍රමාණවත් නැත්තම් කරන්නේ මොකක්ද කියන එක ඊළඟට සාකච්ඡා කළ හැකියි.

පැමිණිලි කිහිපයක් ලැබිලා තියෙනවා. ලාල් කාන්ත ඇමතිතුමාගෙන් විතරක් නෙවෙයි.තෙල් සංස්ථාවේ සභාපතිගෙනුත් පැමිණිල්ලක් ලැබිලා තියෙනවා.ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකවරය ඒ අදාළ කරන කටයුතු සිද්ධ කරයි…”

Exit mobile version