Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) යළි හෝමූස් සන්ධිය වසා දැමීමට තීරණයක්

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) යළි හෝමූස් සන්ධිය වසා දැමීමට තීරණයක්

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) යළි හෝමූස් සන්ධිය වසා දැමීමට තීරණයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය ඊයේ (18) සිට යළිත් වසා තැබීමට පියවරගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා (IRGC) මූලස්ථානය පවසයි.

ඒ අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය එහි පෙර පැවති “දැඩි කලමනාකරණ” තත්ත්වයට නැවත පැමිණ ඇති බව එම බළකාය පවසා ඇත.

අමෙරිකාව දිගින් දිගට සිය වරායන් අවහිර කිරීමට කටයුතු කිරීම මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට හේතුවූ බව ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ්ද මීට පෙර අනතුරු අඟවා තිබුණේ, අමෙරිකාව සිය වරායන් අඛණ්ඩව අවහිර කළහොත් හෝමූස් යළි විවෘතව නොපවතිනු ඇති බවය.

ඉරානයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ‘IRIB’ මීට පෙර නිවේදනය කර තිබුණේ, ප්‍රධාන නැව් මාර්ගය යළි වසා දමා ඇති බවත්, ඒ හරහා නෞකාවලට ගමන් කිරීමට ඉරාන අනුමැතිය අවශ්‍ය බවය.

මෙම සතිය මුලදී හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය සම්බන්ධනේ නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකාව පවසා සිටියේ, ඉරානය වෙත පැමිණෙන සහ ඉරානයෙන් පිටව යන සියලුම නෞකාවන්ට හෝමූස් හරහා ගමන් කිරීමට අවසර නොමැති බවය.

Exit mobile version