Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ඉවතට

කපිලගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට

කපිලගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේ දී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම සමාගම හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (17) නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව සැකකරු ලබන 28 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

Exit mobile version