Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි

තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි

තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි

ඉරානය කිසිදු ආකාරයක තාවකාලික සටන් විරාමයක් පිළිගැනීමට සූදානම් නොමැති බවත්, සමස්ත කලාපය පුරා පවතින යුද ගැටුම් සම්පූර්ණයෙන් අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසයි.

අන්ටාලියා රාජ්‍ය තාන්ත්‍රික සංසදයට (Antalya Diplomacy Forum) සමගාමීව මාධ්‍යවේදීන් අමතමින් නියෝජ්‍ය විදේශ අමාත්‍ය සයීඩ් ඛාතිබ්සාදේ ප්‍රකාශ කළේ, ඕනෑම සටන් විරාමයක් “ලෙබනනයේ සිට රතු මුහුද දක්වා” පවතින සියලුම ගැටුම් කලාප ආවරණය කළ යුතු බවය.

“අපි කිසිදු තාවකාලික සටන් විරාමයක් පිළිගන්නේ නැහැ. මේ ගැටුම් චක්‍රය මෙතැනින් සම්පූර්ණයෙන්ම සහ සදහටම අවසන් විය යුතුයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එම මුහුදු මාර්ගය ඓතිහාසිකව විවෘතව පවතින බවත්, එය ඉරාන දේශසීමා ජල තීරයේ පිහිටා තිබුණද දීර්ඝ කාලයක සිට ප්‍රවේශ වීමේ පහසුව ඇතිව පවතින බවත්ය.

කලාපීය අස්ථාවරත්වය ඇති කිරීම සම්බන්ධයෙන් ඔහු ඇමරිකාව‍ට සහ ඊශ්‍රායලයට චෝදනා කළේය.

ඔවුන්ගේ ක්‍රියාවන් ගෝලීය වෙළෙඳාමට සහ පුළුල් ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇති බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

Exit mobile version