Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවුරුදු දා බීමත් රියදුරන් 104ක් අත්අඩංගුවට

අවුරුදු දා බීමත් රියදුරන් 104ක් අත්අඩංගුවට

අවුරුදු දා බීමත් රියදුරන් 104ක් අත්අඩංගුවට

දිවයින පුරා සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් සිංහල අලුත් අවුරුදුදා එනම් ඊයේ (14)බීමත් රියැදුරන් 104 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ, අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමේ වරදට පුද්ගලයින් 27දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එසේම රථවාහන වෙනත් වැරදි සදහා පුද්ගලයින් 1451 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඊයේ දිනයේදී පුද්ගලයින් 22195දෙනෙක් පරීක්ෂාවට ලක්කර ඇති බවත්, ඉන් පුද්ගලයින් 296දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මූලස්ථානය පවසනවා.

අපරාධවලට සෘජුව සම්බන්ධ සැකකරුවන් 07ක්, දින වරෙන්තුකරුවන් 43ක්, විවෘත වරෙන්තුකරුවන් 26ක් ලෙස ‍ඊයේ (14) දිනයේදී මෙරට සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

Exit mobile version