Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අලු‍ත් අවුරුදු සමයේ පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්

වංචනික පෙම්වතුන් සහ ආගන්තුකයින්ගෙන් ආරක්ෂා වෙන්න - පොලීසිය

වංචනික පෙම්වතුන් සහ ආගන්තුකයින්ගෙන් ආරක්ෂා වෙන්න - පොලීසිය

අලු‍ත් අවුරුදු සමයේ මත්පැන් භාවිතය හා නොසැළකිලිමත් රිය ධාවනය හේතුවෙන් සිදුවිය හැකි රිය අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව, බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පි.ජේ. සේනාධීර සදහන් කළේ.

මේ අතර, උත්සව සමයේ දිවයින පුරා ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 8000ක් යොදවා තිබෙනවා. එමෙන්ම, බස්නාහිර පළාතේ පමණක් ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 2500 ක් යොදවා ඇති බවයි පොලීස් මූලස්ථානය කියා සිටියේ.

Exit mobile version