Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පෙට්‍රල් වාහනවලට ‘QR’ ක්‍රමය ඉවතට – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

(18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා නැවත QR ක්‍රමය

(18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා නැවත QR ක්‍රමය

උත්සව සමය හේතුවෙන් අද (11) සිට එළැඹෙන 18 වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත්කිරීමේ දී ‘QR’ ක්‍රමවේදය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පැවසුවේ අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙම පියවර ගත් බවයි.

නමුත් එම වාහන සඳහා ඉන්ධන ලබාදීමේදී මේ වන විටත් ක්‍රියාත්මක ඔත්තේ ඉරට්ටේ ක්‍රමය සැලකිල්ලට ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේවෙතත් මෙම සහනය ඩීසල් වාහන සඳහා ක්‍රියාත්මක නොවන අතර එය මෙතෙක් පවතින ක්‍රමය හරහා තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති.

Exit mobile version