Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගල්අඟුරු ගැන පරීක්ෂණයක් ඉල්ලා ජනාධිපති ලේකම් CIDයට

ගල්අඟුරු ගැන පරීක්ෂණයක් ඉල්ලා ජනාධිපති ලේකම් CIDයට

ගල්අඟුරු ගැන පරීක්ෂණයක් ඉල්ලා ජනාධිපති ලේකම් CIDයට

2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ජනාධීපති මාධ්‍ය අංශය පවසන්නේ ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනයේදී අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවලත් පාර්ලිමේන්තුව තුළත් මතුවී ඇති කරුණු සලකා බලමින් ජනාධිපති ලේකම්වරයා අදාළ පියවර ගත් බවයි.

මේ අතර ගල්අඟුරු ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපතිවරයා විසින් පූර්ණ බලැති ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ පාර්ලිමේන්තුව අමතමින් සදහන් කළා.

ඒ අනුව බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයෙන් පසුව මෙම විශේෂ විමර්ශන කොමිෂන් සභාව පත් කරන බවත්, ඒ සඳහා දැනට සේවයේ නියුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Exit mobile version