Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කුමාර ජයකොඩිගේ ටෙලිකොම් මූල්‍ය වංචා සහ ඔහුගේ වෘත්තීය සුදුසුකම් ගැන නලීන් බණ්ඩාර කියයි

කුමාර ජයකොඩිගේ ටෙලිකොම් මූල්‍ය වංචා සහ ඔහුගේ වෘත්තීය සුදුසුකම් ගැන නලීන් බණ්ඩාර කියයි

කුමාර ජයකොඩිගේ ටෙලිකොම් මූල්‍ය වංචා සහ ඔහුගේ වෘත්තීය සුදුසුකම් ගැන නලීන් බණ්ඩාර කියයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අතීතයේදී සිදුකළ බව කියන මූල්‍ය වංචා සහ ඔහුගේ වෘත්තීය සුදුසුකම් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී දැඩිව විවේචනයට ලක් කළා.

එහිදී අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සභාවේදී ප්‍රකාශ කළ “පාරිශුද්ධභාවය” ප්‍රශ්න කරමින් නලීන් බණ්ඩාර මහතා කියා සිටියේ, අමාත්‍යවරයා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කළ සමයේ ව්‍යාජ ලේඛන සකස් කිරීමේ සිද්ධියක් මත ඔහුගේ සේවය තහනම් කිරීමට පවා පියවර ගෙන තිබූ බවයි.

ඒ අනුව, ටෙලිකොම් ආයතනයේ සේවය කළ කාල වකවානුව තුළ, ‘ප්‍රොවිෂනල් ඇක්සෙප්ටන්ස් ටෙස්ට්’ (PAT) වාර්තාවකට ව්‍යාජ ලෙස අත්සන් තැබීම හේතුවෙන් කුමාර ජයකොඩි මහතාට ටෙලිකොම් ආයතනයට ඇතුළුවීම පවා තහනම් කර (Entry Permit) තිබූ බව මන්ත්‍රීවරයා අනාවරණය කළා.

“එතුමා පෙන්නන මේ පාරිශුද්ධභාවය දැක්කම මට හිතුණා මේ කතා කරන්නේ ඇත්තටම කුමාර ජයකොඩි මහත්තයාමද කියලා. හොරට අත්සන් ගහලා ටෙස්ට් රිපෝට් හදපු කෙනෙක්ට මෙවැනි අමාත්‍ය ධුරයක් ලැබුණම මොන වගේ දේවල් කරයිද?”

අදාළ වකවානුවේදී අමාත්‍යවරයා විසින්ම ව්‍යාජ උප කොන්ත්‍රාත්කරුවන් පිරිසක් නිර්මාණය කරගෙන, ඔවුන් හරහා වාසි ලබාගත් බවටද ඔහු චෝදනා එල්ල කළා.

අමාත්‍යවරයා තමන් ඉංජිනේරුවරයකු ලෙස හඳුන්වා දුන්නද, ඔහු කාලයක් පුරාවට විභාග අසමත් වෙමින් සිටි අයෙකු බවත්, ඔහුගේ වෘත්තීය සුදුසුකම් පිළිබඳව සැකයක් පවතින බවත් මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියා.

පැරණි දූෂණ වසන් කරමින් වත්මන් ආණ්ඩුව සිදුකරන “සුද්ද කිරීම්” පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි බවත්, මහා පරිමාණ දූෂණ වෙනුවට කුඩා පරිමාණ දූෂණවලට ඉඩ දීම අනුමත කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ,

“කුමාර ජයගොඩ මහත්මයාගේ කතාවෙන් පස්සේ මං කතා කරන්න හිටපු එක මට වෙනස් කරන්න හිතුනා. මොකද එතුමා බොහොම පාරිශුද්ධ භාවයක් ඇති ඇමතිවරයෙක් විදිහට කතා කළා. මම මේ කතා කරන්නේ ඊයේ පෙරේදා වෙච්ච හොරකමක් නෙවෙයි. මීට අවුරුදු තිහකට කලින් කතාවක් තමයි කුමර ජයකොඩි මහත්තයා මම මේ මතක් කරන්න ඔබතුමාට. මෙයාලා දැන් පැලවත්තේ හිටියට මෙයාලා ඉස්සර අත්තිඩියේ ඉන්නකොට කුමාර ජයකොඩි මහත්තයයි අපියි පැලවත්තේ හිටියා. එතුමාට කොම්පැනිය මතක ඇති.

ඔබතුමාට මතක ඇති ඔබතුමා provisional acceptance test (PAT) රිපෝට් එකක් බොරුවට අත්සන් කරලා ඒක නිසා ටෙලිකොම් එකෙන් ඔබතුමාට ටෙලිකොම් එකට ඇතුල් වෙන්න එන්ට්‍රි පිර්මිට් එකත් ඔබතුමාගේ අවලංගු කළා. පුළුවන් නම් නෑ කියන්න ඔබතුමා. මීට අවුරුදු දෙකකට කලින් කරපු හොරකමක් මම මේ කියන්නේ. මම මේ කියන්න නෙමෙයි හිටියේ. මොකද අපි එකට හිටපු කට්ටිය.

එතුමා එතුමාගේ කතාවේදී එතුමා පෙන්නපු පාරිශුද්ධභාවය ගැන කතා කරද්දි මට හිතුනා මේ අවංකවම මේ කතා කරන්නේ කුමාර ජයකොඩි මහත්මයාද කියලා.

දැන් ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා ඉංජිනේරු කුමාර ජයකොඩි කිව්වට මම දන්න කාලේ ඉදන් ඔබතුමා ඉංජිනේරු නෙවෙයි. එතකොට රිපීට් කර කර රිපීට් කර කර තමයි හිටියි. මම දන්නේ නෑ 2013/ 2014 වෙනකොට තිබ්බද කියලා. මෙහෙම කරපු ඇමතිවරයෙක් මේ වගේ චාන්ස් එකක් දුන්නහම උඩ පැනලා නොගහයිද? හොරට අසන ගහලා ටෙස්ට් රිපෝට් හදපු කෙනා උප කොන්ත්‍රාත්කරුවෝ එක්ක එකතු එකතු වෙලා ඒ වගේ වාසි ගන්න එතුමා හදපු ව්‍යාජ උප කොන්ත්‍රාත්කරුවෝ එතුමගේ ආයතනයේ සබ් කන්ට්‍රැක් කළා. එහෙම කරපු කෙනා මේ වගේ ගේමක් ගහයිද කියන ගැන කවර කතාද? ඒ නිසා ඔබතුමාලා මේ වෙලාවේ මේ සුද්ද කිරීමක් කරන්නේ. මේ සුද්ද කරලා හරියන්නේ නැහැ. මට සමහර කතාවලදි තේරුනේ ඉස්සර මහා පරිමාණ හොරකම් කළා. දැන් පොඩි පොඩි හොරකම් වුනාට කමක් නෑ වගේ කතාවක් නේද මේ කියන්නේ?..”

Exit mobile version