Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අරක්කු බෝතලයක් අල්ලස් ගත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

අරක්කු බෝතලයක් අල්ලස් ගත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

අරක්කු බෝතලයක් අල්ලස් ගත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

අල්ලස් ලෙස මත්පැන් බෝතලයක් ලබාගැනීමේ චෝදනා මත ධර්මපුරම් පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (09) අත්අඩංගුවට ගෙන තිබේ.

කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පැමිණිලිකරු විසින් මිලදී ගත් නව යතුරුපැදිය පසුගියදා බබදාදා දින (08) අංක තහඩු නොමැතිව ධාවනය කිරීමේ වරදට සහ ආදායම් බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීමේ වරදට නීති මඟින් කටයුතු නොකර සිටීමට මෙම අල්ලස ඉල්ලා ඇති බව සඳහන්.

එහිදී එම පොලිස් කොස්තාපල්වරයා අල්ලස් වශයෙන් රු.10,000ක මුදලක් ඉල්ලා, එපමණ මුදලක් පැමිණිලිකරුට ලබා දීමට නොහැකි බවට දන්වා සිටි අවස්ථාවේදී, සැකකරු අරක්කු බෝතලයක් ඉල්ලා ඇත.

එය ලබාදෙන තෙක් පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත වෙනුවට නිකුත්කර ඇති ලිපිය ඇපයට තබාගෙන, බ්‍රහස්පතින්දා (09) පැමිණිලිකරුගෙන් මෙලෙස අල්ලස් වශයෙන් අරක්කු බෝතලයක් අල්ලස් ලෙස ඉල්ලා තිබේ.

අදාළ කොස්තාපල්වරයා බ්‍රහස්පතින්දා (09) ප.ව 3ට පමණ ධර්මපුරම් පොලිස් ස්ථානය අසල පිහිටි දුරකථන වෙළෙඳසැලක් අසල වසා ඇති ගොඩනැගිල්ල අසලදී අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version