Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (09) සිය සහතිකය සටහන් කළේය.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පසුගිය 07දින පැවති අතර පනත් කෙටුම්පත තෙවනවර කියවීම සංශෝධන සහිතව සම්මත විය.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කරමින් බද්ද සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය ව්‍යාපාර පිරිවැටුම් සීමාව අඩු කිරීම සහ මෝටර් වාහන සම්බන්ධයෙන් අදාළ ඇතැම් නිදහස් කිරීම් සංශෝධනය කිරීමේ අපේක්ෂා කර ඇත.

මෙම පනත මඟින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දේ බදු පදනම පුළුල් කරමින්, වාර්ෂිකව පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කෙරේ.

එමෙන්ම සංශෝධිත සීමාවට අනුකූලව නව ලියාපදිංචි අවශ්‍යතා සහ ලියාපදිංචිය අවලංගු කිරීම පිළිබඳ විධිවිධානද හඳුන්වා දෙන අතර මෝටර් වාහන සම්බන්ධ නිදහස් කිරීම් සංශෝධනය කර ඇත.

ඒ අනුව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක10 සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

Exit mobile version