දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල්හිමියන් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් අද දින (06) පෙරවරු 9.30 සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පවත්වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසවසනවා.
ඒ මාධ්‍ය හමුවකට එක්වෙමින්
ඉන්ධන බෙදාදීමේ දී අනුගමනය කරන ඔත්තේ, ඉරට්ටේ ක්‍රමවේදය තුළ පිරවුම්හල් සේවකයින් මුහුණ දෙන ගැටලු මෙම විරෝධතාවය සඳහා ප්‍රධානතම හේතුව බවයි එහි විධායක කමිටු සාමාජික ඩී.වී. ශාන්ත සිල්වා මහතා පවසන්නේ.
ඔහු පවසන්නේ මෙම ක්‍රමවේදය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් සේවකයින් දැඩි ලෙස අසීරුතාවයට පත්ව ඇති බවයි.
ඉන්ධන මිල සූත්‍රය අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා අනෙකුත් සංස්ථා මෙහෙයුම් ලාභියා ලෙස 6%ක් ලබා ගන්නා බවත්, ඉන්ධන පිරවුම්හල් වෙත 3%ක ලභාංශයක් ලබා දීමට කටයුතු කළත් එය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව පාලන අධිකාරිය විසින් කප්පාදු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

