Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ලෝක බැංකුවෙන් නව සැලැස්මක්

මැදපෙරදිග යුද්ධය නිසා බලශක්ති පිරිවැය 24% කින් ඉහළ යා හැකියි – ලෝක බැංකුව

මැදපෙරදිග යුද්ධය නිසා බලශක්ති පිරිවැය 24% කින් ඉහළ යා හැකියි – ලෝක බැංකුව

ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය එක්ව වර්ෂ 2026-2030 සඳහා ‘ශ්‍රී ලංකාව පිළිබඳ හවුල්කාරිත්ව රාමුව’ (Country Partnership Framework) නව සැලැස්ම හඳුන්වා දී තිබේ.

මෙම සැලැස්ම යටතේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ඩොලර් බිලියනයකට අධික ආයෝජන සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ශක්තිමත් කරමින් පෞද්ගලික අංශය මූලික කරගත් වර්ධනය හරහා රැකියා අවස්ථා පුළුල් කිරීම මෙන්ම 7%ක ආර්ථික වර්ධන ඉලක්කයක් සපුරාලීම මෙහි අරමුණයි.

ඒ අනුව වරාය හා ලොජිස්ටික්, බලශක්තිය, අපනයන කේන්ද්‍රීය කෘෂිකර්මය සහ සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා ආයෝජන අවස්ථා පුළුල් කිරීම මෙමගින් අපේක්ෂිතයි.

තවද කාන්තා, තරුණයන් සහ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමත්, අනාගත ආර්ථික හා දේශගුණික ආපදාවලට මුහුණ දීමට රටේ හැකියාව වැඩිදියුණු කිරීමත් මෙම සැලැසුම මගින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ

Exit mobile version