Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දරුවන්ට දඬුවම් දීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ චක්‍රලේඛයක්

දරුවන්ට දඬුවම් දීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ චක්‍රලේඛයක්

දරුවන්ට දඬුවම් දීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ චක්‍රලේඛයක

පාසල් දරුවන්ට දඬුවම් කිරීමේදී කිසිදු ආකාරයක ශාරීරික හෝ මානසික පීඩාවක් සිදු නොකළ යුතු බවට දන්වමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් පද්ධතිය තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව උපදෙස් මාලාවක් ඇතුළත් 11/2026 දරන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

එම අමාත්‍යාංශය නිකුත් කර ඇති මෙම නිවේදනයෙහි සඳහන් වන්නේ, කිසිදු දරුවෙකුට දඬුවම් කිරීමේ ක්‍රමයක් ලෙස හෝ වෙනත් කිසිදු හේතුවක් මත ශාරීරික හෝ මානසික හානියක් සිදු නොකළ යුතු බවයි.

කිසිදු මට්ටමක ශාරීරික දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් “ශුන්‍ය ඉවසීමේ” ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු අතර, එවැනි දඬුවම් පමුණුවන පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද අමාත්‍යාංශය දන්වා තිබෙනවා.

මෙම උපදෙස් නිකුත් කර ඇත්තේ අංක 461/2012 (FR) දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ 17 වන ඡේදයට අනුකූලවයි.

දරුවන්ට එරෙහිව කිසිදු ආකාරයක ශාරීරික හෝ මනෝවිද්‍යාත්මක හානියක් සිදු නොවන බවට වගබලා ගැනීමට ගුරුවරුන් සහ පරිපාලකයින් දැනුවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගය මෙහිදී ක්‍රියාත්මක කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් නාලක කලු වැව මහතා දන්වා සිටින්නේ, සිසුන්ගේ විනය පවත්වාගෙන යාමේදී ශාරීරික දඬුවම් වෙනුවට ඔවුන්ගේ ධනාත්මක හැසිරීම් වර්ධනය කිරීමට මැදිහත් වීම සහ අවශ්‍ය සහාය ලබා දීම වැනි විකල්ප ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි.

මෙම නව විධිවිධාන 2016.04.29 දිනැතිව නිකුත් කරන ලද 12/2016 දරන චක්‍රලේඛයේ උපදෙස්වලට අමතරව ක්‍රියාත්මක වන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

මෙම චක්‍රලේඛය දිවයිනේ සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන්, පිරිවෙන් මෙන්ම සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කර තිබෙනවා.

Exit mobile version