වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ ඔප්පු.
මෙරට ජනතාවගේ විශ්‍රාම දිවිය අභිමානවත් විශ්‍රාම දිවියක් කිරීම සඳහා කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් හඳුන්වා දුන් ගොවි රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයක් මස්කෙළිය සාම්මලේ නගරයේ උත්සව ශාලාවකදී පැවැත්වුණා.
මස්කෙළිය වසමට අයත් ප්‍රදේශ රැසක එළවළු වගා කරන ගොවීන් මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය ලබාගෙන තිබුණා.
ලියාපදිංචි වූ වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට රක්ෂණ ඔප්පු ලබා දීම සිදු කළ බවයි කෘෂිකර්ම නිෂ්පාදන සහකාර සරත් කුමාර මහතා ප්‍රකාශ කළේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රථම වතාවට මෙතරම් සාමාජික පිරිසකට ගොවි විශ්‍රාම රක්ෂණ ඔප්පු ප්රදානය කිරීම සිදු කළ අවස්ථාව මෙයයි.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනවිය, හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අශෝක කරුණාරත්න මහතා ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වී සිටියේය

