Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ශ්‍රීලන්කන් කේටරින් යන සමාගම්වල සභාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ගණේගොඩ මහතා එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

2026 මාර්තු 31 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇති බව සඳහන්.

මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් ස්ථිර සභාපතිවරයෙකු පත් කරන තෙක්, එම සමාගම් දෙකෙහිම වැඩබලන සභාපතිවරයා ලෙස ඒ. කේ. ඩී. ඩී. ඩිමාල් අරන්දර මහතා කටයුතු කරනු ලබන බවයි වාර්තා වන්නේ.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ රොහාන් ගුණතිලක මහතාද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර සරත් ගණේගොඩ සහ රොහාන් ගුණතිලක යන මහත්වරුන් සිය සේවා කාලය තුළ ලබාදුන් දායකත්වය අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය විසින් අගය කර තිබේ.

Exit mobile version