2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.
මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් 13.56%ක විදුලි ගාස්තු සංශෝධනයක් මහජන උපයෝගීතා කොමිසම් සභාවෙන් ඉල්ලා තිබුණා.
ඒ අනුව ඒකක 0 සිට 30 දක්වා වූ කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 4.3%කින් ඉහළ යන අතර මාසිකව රුපියල් 15කින් ඉහළ ගොස් තිබෙනවා.
31-60 අතර කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 6.9%කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි මාසික ගාස්තුව රුපියල් 45කින් ඉහළ ගොස් තිබෙනවා.
61-91 අතර කාණ්ඩය සඳහා 6.9%කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි මාසික වැඩිවීම රුපියල් 120 ක් වන අතර 91-120 දක්වා වූ කාණ්ඩය සඳහා 7.1%කින් ඉහළ ගොස් ඇති අතර එහි මාසික වැඩිවීම 420ක් වනවා.
ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මකයි.

