Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගුවන් හමුදාවෙන් DESSFORD දෙමළ මහා විද්‍යාලයට IT පරිගණක මධ්‍යස්ථානයක්

ගුවන් හමුදාවෙන් DESSFORD දෙමළ මහා විද්‍යාලයට IT පරිගණක මධ්‍යස්ථානයක්

ගුවන් හමුදාවෙන් DESSFORD දෙමළ මහා විද්‍යාලයට IT පරිගණක මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශය විසින් නුවරඑළිය, නානුඔය DESSFORD දෙමළ මහා විද්‍යාලයෙ සිසුන් සඳහා අංගසම්පූර්ණ පහසුකම් සහිත නව තොරතුරු තාක්ෂණ (IT) පරිගණක මධ්‍යස්ථානයක් ඊයේ දින (28) සිසු අයිතියට පත් කරන ලදී.

සිසුන්ට නවීන තාක්ෂණික ඉගෙනුම් පරිසරයක් ලබාදීම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත. වායුසමීකරණය කරන ලද නව තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය, ඩෙස්ක්ටොප් පරිගණක 15ක්, UPS පද්ධති සහ අන්තර්ජාල පහසුකම් වලින් සමන්විත වේ. එමඟින් පාසල් සිසුන්ට නවීන තොරතුරු තාක්ෂණ පහසුකම් භාවිත කරමින් ඉගෙනීමට අවස්ථාව සැලසේ.

මෙම ව්‍යාපෘතිය සඳහා Alengko Foundation හා ඔස්ට්‍රේලියාව සහ ජර්මනිය හි පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාවේ දායකත්වය ලැබී ඇති අතර, ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් වැඩ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කදවුරේ මූලිකත්වයෙන් සිදු කරන ලදී.

පරිගණක පරිශ්‍රය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ ඉංජිනේරු එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටි ආරච්චි මහතා, තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක ගෘෘප් කැප්ටන් චානක සූරියආරච්චි මහතා ගුවන් හමුදාව පිදුරුතලාගල කදවුරු අනදෙන නිළධාරි ගෘප් කැප්ටන් චින්තක ජයසුන්දර මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන්, Alengko පදනමේ සාමාජිකයින්, පාසලේ විදුහල්පතිතුමා, ගුරුභවතුන් සහ සිසු දරුදැරියන් පිරිසක් සහභාගී වූහ.

Exit mobile version