Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

‘ලංකා ඊ නිව්ස්’ කතෘ නඩුවෙන් නිදහස්

‘ලංකා ඊ නිව්ස්’ කතෘ නඩුවෙන් නිදහස්

‘ලංකා ඊ නිව්ස්’ කතෘ නඩුවෙන් නිදහස්

තම ජීවිතාරක්ෂාව පතා වසර 16ක් පුරා විදේශගතව සිට මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට පත්ව ඇප මත මුදා හැර සිටි ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර මහතා අදාළ නඩුවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (27) නියෝග කළා.

සඳරුවන් සේනාධීර මහතාට එරෙහිව මීට පෙර වරෙන්තු නිකුත් කර තිබුණද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(27) දින අධිකරණයට දැනුම් දුන්නේ ඔහු අදාළ නඩුවේ පාර්ශ්වකරුවකු නොවන බවයි.

මෙම කරුණු සලකා බැලූ ගම්පහ මහේස්ත්‍රාත්වරයා සේනාධීර මහතා නඩුවෙන් මුදා හැරීමට නියෝග කළ අතර, ඔහුට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනමද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා.

2010 වසරේදී ලංකා ඊ නිව්ස් ආයතනයේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැර ගැනීමට ලක්වීමත් සමඟ සඳරුවන් සේනාධීර මහතාට එල්ල වූ මරණීය තර්ජන හමුවේ ඔහු 2010 මාර්තු මාසයේදී මෙරටින් පිටව ගියා.

වසර 16ක් පුරා විදේශගතව සිටිමින් ඔහු ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, 2011 වසරේදී මාලබේ පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය ගිනි තබා විනාශ කිරීමටද එකල කිසියම් පිරිසක් කටයුතු කර තිබුණා.

දීර්ඝ කාලයකට පසු පසුගිය මාර්තු 11 වැනිදා ඔහු යළි දිවයිනට පැමිණි අතර, එම අවස්ථාවේදී ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්වුණා.

Exit mobile version