Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයට නව ලේකම්වරයෙක්

ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයට නව ලේකම්වරයෙක්

ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයට නව ලේකම්වරයෙක්

ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ අලි ලාරිජානි වෙනුවට, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ‘IRGC’හිටපු අණදෙන නිලධාරියෙකු එරට උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේ, මොහොමඩ් බගර් සොල්ගාදර් ‘Mohammad Bagher Zolghadr’ මෙම තනතුර සඳහා නම් කර ඇති බවය.

ඔහු ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බ්‍රිගේඩියර් ජෙනරාල් නිලයට පවා උසස්වීම් ලැබූ අයෙක් බව සඳහන් වේ.

මෙම පත්වීම සිදුවූයේ මීට පෙර එම ධුරය දැරූ අලි ලාරිජානි ගුවන් ප්‍රහාරයකින් මියයාමෙන් පසු ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහාය.

ඉරානයේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තීරණ ගන්නා ඉහළම ආයතනයක් ලෙස මෙම ආරක්ෂක මණ්ඩලය සැලකේ.

Exit mobile version