Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ප්‍රතිසංස්කරණයට බිලියන 32ක්

අතහැර දමා ඇති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝජකයින්ට ලබාදීමට සැලසුම්

අතහැර දමා ඇති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝජකයින්ට ලබාදීමට සැලසුම්

රටේ බල­ශක්ති ආර­ක්ෂාව ශක්ති­මත් කිරීමේ දිගු­කා­ලීන උපා­ය­මා­ර්ග­යක් ලෙස ත්‍රිකු­ණා­ම­ලයේ තෙල් ටැංකි ගබඩා පුළුල්ව සංව­ර්ධ­නය කිරී­මට රජය තීර­ණය කර තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් දැන­ට­මත් එහි ටැංකි කිහි­ප­යක් ප්‍රති­සං­ස්ක­ර­ණය කර තිබෙන අතර ඒ සඳහා රුපි­යල් බිලි­යන 32ක ප්‍රති­පා­දන වෙන්ව ඇත.

ත්‍රිකු­ණා­ම­ලය උපා­ය­මා­ර්ගික බල­ශක්ති මධ්‍ය­ස්ථා­න­යක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දි­යාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අත්සන් කරන ලද ප්‍රධාන ත්‍රෛපා­ර්ශ්වික ගිවි­සු­ම­කට සම­ගා­මීව මෙම සංව­ර්ධ­නය සිදු වේ.

අව­බෝ­ධතා ගිවි­සුම ශ්‍රී ලංකා­වට දැරිය හැකි බල­ශක්ති ප්‍රවේ­ශ­යක් සහ­තික කිරීම අර­මුණු කර­ගත් බල­ශක්ති යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කිරීමේ සහ­යෝ­ගී­තාව හා අනා­ගත බල­ශක්ති ව්‍යාපෘති හරහා අප­න­යන ආදා­ය­මක් ජන­නය කර ගැනීම අර­මුණු කෙරේ.

මෙම හවු­ල්කා­රී­ත්වයේ කේන්ද්‍රීය අංග­යක් වන්නේ දෙවැනි ලෝක යුද සම­යේදී මුලින් ඉදි­ක­රන ලද ත්‍රිකු­ණා­ම­ලය තෙල් ටැංකි සංකී­ර්ණය නවී­ක­ර­ණය කිරී­මයි.

ඒවා දැනට ලංකා අයි­ඕසී කළ­ම­නා­කා­රී­ත්වය යටතේ අර්ධ වශ­යෙන් පම­ණක් ක්‍රියා­ත්මක වේ.

දකුණු ඉන්දි­යාවේ සිට ශ්‍රී ලංකා­වට ඛනිජ තෙල් නිෂ්පා­දන ප්‍රවා­හ­නය කිරීම සඳහා නළ මාර්ග­යක් ස්ථාපිත කිරීමේ සැල­සුම් ද මෙම ව්‍යාපෘ­ති­යට ඇතු­ළත් වන අතර, එම­ඟින් කලා­පීය බල­ශක්ති සම්බ­න්ධ­තාව වැඩි­දි­යුණු කිරී­මට සහ සැප­යුම් පිරි­වැය සැල­කිය යුතු ලෙස අඩු කිරී­මට අපේක්ෂා කරන බව පසු­ගි­යදා පැවති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමු­වේදී කැබි­නට් ප්‍රකා­ශක ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා ද අව­ධා­ර­ණය කළේය.

Exit mobile version