Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නැප්තා නොමැති වීම හේතුවෙන් රාත්‍රීයේදී විදුලිය ඩීසල් වලින්

නැප්තා නොමැති වීම හේතුවෙන් රාත්‍රීයේදී විදුලිය ඩීසල් වලින්

නැප්තා නොමැති වීම හේතුවෙන් රාත්‍රීයේදී විදුලිය ඩීසල් වලින්

විදුලිය සඳහා භාවිතා කරන නැප්තා නොමැති වීම හේතුවෙන් ඉදිරියට විදුලිය රාත්‍රී කාලයේ දී ලබා දෙන්නේ ඩීසල් වලින් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසයි.

එළැඹෙන මාර්තු මස 24 සහ 25 දිනයන්හි පැමිණීමට නියමිතව තිබූ බොරතෙල් නැව නොපැමිණීම හේතුවෙන් පිරිපහදු කිරීමට සිදු වන්නේ ලබන මස මැදක් වනතුරු පමණක් හේතුවෙන් දැවිතෙලි සහ නප්තා නොමැති වන බවත් මේ හේතුවෙන් විදුලිය සම්බන්ඳ බරපතළ ගැටලුවක් මතුවන බවත් ඩී.ජේ රාජකරුණා මහතා වැඩි දුරටත් පවසා සිටිනවා.

ඒ ඊයේ (22) විදුලි බිල ඉහල යාම සම්බන්ඳයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ඳ අවසන් තීරණය එළැඹෙන අප්‍රේල් 1 වැනිදා මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශට පත් කරන බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ලෝක වෙළඳපොළේ තත්ත්වය සැලකිල්ලට ගෙන විදුලිබිල වැඩි කිරීමට රජය බලාපොරොත්තු නොවන බවයි.

Exit mobile version