Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 15ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 15ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 15ක් අත්අඩංගුවට

විදේශගතව සිටින සංවිධානාත්ම අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු සමග සමීප සබඳතා පැවැත්වූ සැකකරුවන් 15දෙනෙකු තියුණු ආයුධ සහ අයිස් මත්ද්‍රව්‍යය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සන්තකයේ තිබී කඩු පහක්, ලක්ෂ අටක් පමණ වටිනා අයිස් ග්‍රෑම් 40ක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (21) පෙරවරුවේ රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අසල නිවාස සංකීර්ණයක සිදු කළ විශේෂ මෙහෙයුමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන එල්ලාවල ධර්මසිරි පෙරේරා නොහොත් ඇල්ටෝ ධර්මය සහ කුරුවිට ආරච්චිලාගේ කවිදු ධනංජය යන අය සමග සමීප සබඳතා පවත්වා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම පිරිස අතර කාන්තාවක් ද සිටින අතර ඔවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version